Wednesday, September 20, 2017

ඇන්ඩ්රොයිඩ්වල කතාව

         ඇන්ඩ්රොයිඩ්වල කතාව

           කොහොමද ඉතින් යාලුවනේ..... 😄😄

                         මේ serious එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඇන්ඩ්රොයිඩ්වල දාන්න පුළුවන් වැඩ කෑලි ගැන සහ එදිනෙදා අත්‍යාවශ්‍ය වන Apps ගැන දැනුවත් කිරීමටයි.... 

මම මුලින්ම ඔයාලට මේක ගැන මූලික පැහැදිලි කිරීමක් කරන්නම්කො... 

                      ඇන්ඩ්රොයිඩ් කියන්නේ ගූගල්ලා Mobile Phones වලට හදන OS (Operating System) එකක් කියලා ඔයාලා දන්නවනේ... ඒ වගේම ගූගල් සමාගම මේ OS එක බෙදාහරින්නේ විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් විධියටයි... ඒ කියන්නේ ඕනෑම කෙනෙක්ට මේක අරන් වෙනස්කම් කරන්න පුළුවන්... ගූගල් සමාගම මේ ඇන්ඩ්රොයිඩ් OS එක මිලදි ගත්තේ 2005 දීයි... ඒ වගේම මේක ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක්.....

                             මේකේ අතීතය බැලුවොත් මේ OS එක මුලින්ම නිර්මාණය කලේ 2001 වර්ෂයේ ඇන්ඩි රැබින්,රිච් මයිනර්,ක්රිස් වයිට් සහ නික්සියර්ස් යන හතර දෙනා.... ඒ වගේම 2003 තමා මේ ඇන්ඩ්රොයිඩ් සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටවුයේ..... මේක ලබන දියුණුව ගූගල් අයියලා දැක්ක... දුන්න ගේම 2005 දී... ඒ කියුවේ ගුගල් ලා ඇන්ඩ්රොයිඩ් සමාගම මිලදී ගත්තා....

             මේකේ ලස්සනම සිද්ධිය මේවට දන නම් නේද යාලුවනේ.... අලුත් Update වලට ගුගල් අයියලා දාන්නේ රසකැවිලි වල නම්නේ.. බලන්නකෝ එයාල දාල තියන නම්...


        1.5 (කප් කේක්) - ජංගම දුරකථන සදහා

       1.6 (ඩෝනට්) - ජංගම දුරකථන සදහා

       2.0 (ඉක්ලෙයා) - ජංගම දුරකථන සදහා

       2.3 (ජීන්ජර්බ්‍රේඩ්) - ජංගම දුරකථන සදහා

       3.0 (හනිකොම්බ්) - ටැබ්ලට් පරිගණක සදහා

      4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා

      4.1/4.2/4.3 (ජෙලි බීන්) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා

     4.4 (කිට්කැට්) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා

     5.0 (ලොලි පොප්) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා

     6.0 (මාෂ්මෙලෝ) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා

    7.0 (නගට්) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා

    8.0 (ඔරියෝ) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා



ඔන්න යාලුවනේ අදට මම නවතින්නම්... ඔයාලගේ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න... ආයෙත් ලගදීම මේ වගේ post එකකින් ඔයාලව හම්බවෙන්නම්.....