Thursday, November 16, 2017

එන්ජිමක් ක්‍රියා කරන විදිය බලමුද Part 2

                                                     

         ඔන්න අද මන් කියන්නේ යන්නේ වාහනයක එන්ජිම ක්‍රියා කරන විදිය ගැන, ටිකක් විතර වෙනස් විදියේ මාතෘකාවක් නේ, සමහර අයටනම් අලුත් වෙන්න පුළුවන් එත් A/L වලට tech කරන කෙනෙක්ටනම් අලුත් දෙයක් නෙමේ,
හරි එහෙනම් බලමු,

 

          එන්ජිමක් බෙදෙන ප්‍රදාන ආකාර  3ක් තියෙනවා

  1. සිලින්ඩර හිස 
  2. සිලින්ඩර බද
  3. තෙල් දෙන 
                                    ඔය කියපු කොටස් 3න සම්බන්ද වෙනව, සම්බන්ද උන කොටස් වලට තව අනු කොටස් එකතු වෙලා තමයි එන්ජිමක් හැදෙන්නේ, අනු කොටස් කිව්වේ පිස්ටන්, ගෑස්කට්, පිස්ටන් අත් ඔය වගේ අනු කොටස් ගනනාවක් එකතු වෙනවා, ඒවලින් ඔය පොඩ්ඩයි කිව්වේ

        දැන් ඔහොම හදුනා එන්ජිම පස්සේ තවත් කොටස් 2කට බෙදනවා, ඒ තම,

  1. බාහිර දහන  එන්ජිම (මෙය ගැන සාකච්චා නොකරයි
  2. අබ්යන්තර දහන එන්ජිම     
කියල, 


        පස්සේ ඒ කොටස් දෙක බෙදනවා තව කොටස් 2කට 
 ඒ තම, 
  1.    රොටරි එන්ජිම (මෙය ගැන සාකච්චා නොකරයි
  2.     අනුවටුම චලිතය ඇතිකරන එන්ජිම
         පස්සේ ඔය  අනුවටුම චලිතය ඇතිකරන එන්ජිම තව කොටස් 3කට බෙදනවා 

  1.   සිලින්ඩර ගණන අනුව 
  2.   ඉන්දන අනුව (පෙට්ට්‍රල්, ඩීසල් , බුමි තෙල් , ගෑස් , දෙමුහුම් ) 
  3.   පහර අනුව (දෙපහර, සිව් පහර , සය පහර )


           සිලින්ඩර ගණන අනුව එන්ජිම තව කොටස් 2කට  බෙදෙනවා  (මේක මාර බෙදිල්ලක්නේ, ඉවරයි ඉවරයි  ) 
  1. තනි සිලින්ඩර එන්ජිම  (මෝටර් බයිසිකල්, ත්‍රි වීල්, තනකොළ කපන මැෂින්) 
  2. බහු සිලින්ඩර එන්ජිම (V එන්ජිම, U එන්ජිම,W එන්ජිම, සිරස් එන්ජිම)


එතකොට අනිත් 2ක ඒ 2ක බෙදෙන්නේ නෑ 

හරි දැන් එන්ජින් ගැන පොඩ්ඩක් හරි දන්නවනේ, අපි දැන් බලමු සිව් පහර ඒ කියන්නේ Four Strock Engin ගැන වෙනත් පාඩමකින් කතා කරමු.



***...සෑම සිකුරාදා දිනකම මෙම පාඩම බල පොරොත්තු වන්න...***