Saturday, July 18, 2020

මොනවද මේ Variables කියන්නෙ !!!





පරිගනක ක්‍රමලේඛ  භාෂා, එහෙමත් නැත්තන් Programming Languages වලින් අපි යම්කිසි වැඩසටහනක් ලියනකොට නිකන්ම විධාන(Commands) කිහිපයක් විතරක් භාවිත කරලා අපිට ඒක කරන්න බෑ. යම් යම් අවස්තා වලදි අපිට විව්ධ අගයන්(Values) හෝ විස්තර(Information) තාවකාලිකව පරිගණක මතකයේ(Ram) ගබඩා කරලා තියාගන්න වෙනවා.

උදා :

 ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීමට අවම වශයෙන් අපිට දත්ත දෙකක් ඕන වෙනවා(ආධාරකය හා ලම්භ උස) ඒ දත්ත දෙකම අපි දන්නවනම් අපිට එහි වර්ගඵලය හොයන්න පුලුවන් නමුත් අපි ඒ කාර්යය සඳහා program එකක් හැදුවොත් ඉහත සඳහන්කරපු අගයන් දෙක හැම අවස්තාවෙදිම එකම අගයක් වෙන්නෙ නෑ නේද..  ඒ වගේ අවස්තාවක අපිට සිද්ද වෙනව ඒ අගයන් දෙක තාවකාලිකව මතකයේ තබාගෙන අවසානයේදි අදාල සුලු කිරීම කරලා අන්තිම පිලිතුර ලබාගන්න. මේ වගේ අවස්තාවල ඒ ඒ අගයන් මතක තබා ගැනීමට තමා අපි Variables පාවිච්චි කරන්නෙ.

Variable Data Types

Variable එකක් නිර්මාණය කරනවිට ඒ variable එකේ ගබඩාකරන්න පුලුවන් දත්ත ප්‍රවර්ගය එහෙමත් නැත්තන් data type එක අපි පැහැදිලිව සඳහන් කරන්න ඕන. සමහර programming languages වල මේ විදිහට data type එක සඳහන් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ නමුත් programming language එකක ගුණාත්මක භාවය හා සංකීර්ණත්වය මනින එක සාධකයක් විදිහට ඒ කරුණ සලකනවා කියලා බොහෝ ලිපි වල සඳහන් වෙනවා. කොහොමවුනත් බොහොමයක් අවස්තාවල ඔයාට සිද්ද වෙනවා මේ data type එක මොකක්ද කියල එක සඳහන් කරන්න, ඉතින් ඒක නිසා මේක ගැන දැනගෙන ඉන්න එක වටිනවා. 

අපේ ජීවිතයේ සාමාන්‍ය එදිනෙදා කටයුතු වලදි අපි එකිනෙකට වෙනස් භාජන බාවිතා කරනවා ඒ එක් එක් භාජන අපි පාවිච්චි කරන්නෙ විවිද වර්ග වල දේවල් ගබඩා කරලා තියන්න. ඒ හැම භාජනයකින්ම වෙන්නෙ එකම වැඩේ, ඒ තමා මොකක් හරි දෙයක් ඒක ඇතුලෙ දාලා තියන්න පුලුවන් වෙන එක. ඒත්,  ඒ දාන දේ අනුව අපි තෝරගන්න භාජනය වෙනස් වෙනවා නේද, ඒ වගේ දෙයක් තමා මෙතනදිත් වෙන්නෙ. අපි හදන variable එකට අපි ගබඩා කරන්න හිතන් ඉන්න අගය හෝ විස්තරය අනුව අපි තීරණය කරන්න ඕන variable එකේ data type එක මොකක්ද කියලා.

පහතින් තියෙන්නෙ සාමාන්‍යයෙන් වැඩි හරියක් භාවිත වෙන data types ටිකක්,   





  • char – a single 16-bit Unicode character, such as a letter, decimal or punctuation                               symbol.
  • boolean – can have only two possible values: true (1) or false (0). This data type is                                 useful in conditional statements, which we will cover in more detail in week 3.
  • byte - has a minimum value of -128 and a maximum value of 127 (inclusive).
  • short– has a minimum value of -32,768 and a maximum value of 32,767 (inclusive).
  • int: – has a minimum value of -2,147,483,648 and a maximum value of 2,147,483,647                   (inclusive).
  • long – has a minimum value of -9,223,372,036,854,775,808 and a maximum value of                       9,223,372,036,854,775,807 (inclusive).
  • float – a floating point number with 32-bits of precision
  • double – this is a double precision floating point number.

  • byte, short, int, long, float සහ double කියන data type සියල්ලම මතකයේ තබාගන්නෙ සංඛ්‍යාත්මක අගයන් පමණයි. ඒවා අතර වෙනස ඇත්තේ මතකයේ ධාරිතාවය හා අගයන් වල ඇති යම් යම් සුලු වෙනස්කම් පමණි.

    එසේම වචන හෝ වාක්‍ය වශයෙන් යමක් මතකයේ තබාගැනීමට අවශ්‍ය නම් අපට char, Varchar ,String වැනි data types භාවිතා කිරීමට සිදුවෙනවා. 

    තවද යම් යම් අවස්ථා වල සත්‍ය හෝ අසත්‍ය  (True or False)  යන යෙදුම් යුගලය 1 හෝ  0 ලෙස භාවිත කිරීමට සිදුවෙනවා, එවැනි අවස්ථාවන් හිදී Boolean යන data type එක භාවිතා කිරීමට සිදුවෙනවා.



    Creating Variables 

    Variable එකක් නිර්මාණය කරන එක බොහොම ලේසි දෙයක් වගේම ඒ ක්‍රියාවට declaring variable කියලත් කියනවා. අපි භාවිත කරන programming language එක අනුව මේ ක්‍රමවේදය වෙනස් වෙන්න පුලුවන් ඒත් ඒ ක්‍රම අතර තියෙන්නෙ බොහොම සුලු සුලු වෙනස්කම් කිහිපයක් විතරයි. ඉතින් ඕනම කෙනෙක්ට මතක තියාගන්න පුලුවන් විදිහෙ වෙනස්කම් තමා තියෙන්නෙ. වර්තමානය වනවිට ලෝකයේ programming languages 700 වගේ සංඛ්‍යාවක් භාවිත වෙනවා ඒත් ඒ සියල්ල ගැනම සවිස්තරාම්කව මෙතන කියන්න බැරි නිසා වැඩිපුරම භාවිත වන Languages කිහිපයක variables නිර්මාණය කරගන්න ක්‍රම කිහිපයක් පහතින් දාන්නම් වැඩි විස්තර ඕනනම් අන්තර්ජාලයෙන් ඔයාලට හොයගන්න පුලුවන්.


    Java

    int a, b, c;         // Declares three ints, a, b, and c.
    int a = 10, b = 10;  // Example of initialization
    byte B = 22;         // initializes a byte type variable B.
    double pi = 3.14159; // declares and assigns a value of PI.
    char a = 'a';        // the char variable a iis initialized with value 'a'

    C

    extern int d = 3, f = 5;    // declaration of d and f. 
    int d = 3, f = 5;           // definition and initializing d and f. 
    byte z = 22;                // definition and initializes z. 
    char x = 'x';               // the variable x has the value 'x'.

    Python

    #!/usr/bin/python
    
    counter = 100          # An integer assignment
    miles   = 1000.0       # A floating point
    name    = "John"       # A string

    JavaScript

    <script type = "text/javascript">
       <!--
          var name = "Ali";
          var money;
          money = 2000.50;
       //-->
    </script>




    මූලශ්‍ර - https://www.tutorialspoint.com
               https://www.futurelearn.com/

    Friday, November 17, 2017

    ADOBE 2018 PRODUCTS

    Adobe කිව්වම නොදන්නා කෙනෙක් නැනේ, පොඩි කෙනාගේ ඉදන් ලොකු කෙනා දක්කවා ඕනෙම කෙනෙක් දන්නා හදුනන සුපුරුදු නමක් තාමා Adobe කියන්නේ

                   ඔන්න එයාල එයාලගේ අලුත්ම Adobe සංස්කරණ ටික එලියට දාල, දාල නම් දැන් ටිකක් කල් හැබැයි ගොඩා...ක් කල් නෙමේ මේ අද ඊයේ



    ගොඩක් අය නම් දන්නවා ඇති කියල හිතනවා, තම Download කරේ නැද්ද, කමක් නැ Download කරන්න කලින් අපි පොඩ්ඩක් ඒවා ගැන හොයල බලමු.

    PHOTOSHOP  (Photoshop CC 2018)



       ආයි ඉතින් කවුරුත් දන්න නමක්නේ, මේක ගොඩා.....ක් ප්‍රසිද්දයි, ඒ ගැන මන් අමුතුවෙන් කියන්න ඕනේ නැ නේ


    මේ තියෙන්නේ එකේ Interface එක



    මේකේ size එක 1.6GB වෙනවා

                                                                                                                                                                   

    LIGHTROOM (Lightroom CC 2018)



        මේක ගැන දන්නේ ෆොටෝග්‍රෆෙර්ස්ලා තාමා, ආයි ඉතින් 4to ( photo) එකක colour බැලන්ස් කරන්න කියපු බන්ඩේ


    මේ තියෙන්නේ එකේ Interface එක



    මේකේ size එක 809 MB වෙනවා 

                                                                                                                                                                 

    ILLUSTRATOR (Illustrator CC 2018)



        මේක ඉතින් ගන්නේ වික්ටර් image හදන්න තාමා, logo design කරන්න, විවිද රූප අදින්න වගේ ඒවාට තම use කරන්නේ 



     
    මේ තියෙන්නේ එකේ Interface එක


    මේකේ size එක 2GB වෙනවා

                                                                                                                                                               

    DREAMWEAVER   (Dreamweaver CC 2018)


            මේක ඕනේ වෙන්නේ  web design කරන යට තාමා, මේකත් ගොඩක් ප්‍රසිද්ද software එකක්. හරි ලේසියෙන්ම වෙබ්අඩවියක් හදා ගන්න පුළුවනන්


    මේ තියෙන්නේ එකේ Interface එක



    මේකේ size එක 741MB වෙනවා

                                                                                                                                                             

     PREMIERE PRO  (Premiere Pro CC 2018)



         මේක තාමා ලෝකේ ප්‍රසිද්ද video editing software එක. සුපිරි
    මේ තියෙන්නේ එකේ Interface එක
     

    මේකේ size එක 1.4GB වෙනවා


                                                                                                                                                            

    AFTER EFFECTS (After Effects CC 2018)


      මේක Video වලට විවිද effects එකතු කරන්න තම use කරන්නේ, මේකත් ඉතාමත් ජනප්‍රිය software එකක් 


    මේ තියෙන්නේ එකේ Interface එක
     

    මේකේ size එක  1.7GB වෙනවා

                                                                                                                                                            

    AUDITION (Audition CC 2018)


       මේක තාමා studio වල sound recoding කරන්න ඒ voice edit කරන්න ගන්නේ, කෙටියෙන්ම කියනවනම් මේක sound edit කරන software එකක්


    මේ තියෙන්නේ එකේ Interface එක
     

    මේකේ size එක 572GB වෙනවා

                                                                                                                                                           

     ඔන්න ඉතින් වැඩේ ඉවරයි,
     ගොඩක් දික් උනාද මන්ද  මන් හිතන්නේ නැ 😃😃😃
     එහෙනම් ගිහින් එන්නම්
      මේවා
    Download කර ගන්න likn එහෙම ඕනේ නම් කියන්න,

     මන් කොහොමත් ඊළග post එකෙන් දෙන්න තමයි  හිතන් ඉන්නේ පලුවන් තරම් ඉක්මනට දෙනවා   
      කලබල වෙන්න එපා අනිවා දෙනවා ලින්ක් set එකම
    මොනවා හරි ප්‍රස්නයක් තියෙනවනම්
    පහලින් කොමෙන්ටුවක් කොට ගෙන යන්න post එක හොදිනම් share කරගෙන යන්න 

    ඔන්න එහෙනම් මන් ගිය හැමෝටම සුබ දවසක්






    Thursday, November 16, 2017

    එන්ජිමක් ක්‍රියා කරන විදිය බලමුද Part 2

                                                         

             ඔන්න අද මන් කියන්නේ යන්නේ වාහනයක එන්ජිම ක්‍රියා කරන විදිය ගැන, ටිකක් විතර වෙනස් විදියේ මාතෘකාවක් නේ, සමහර අයටනම් අලුත් වෙන්න පුළුවන් එත් A/L වලට tech කරන කෙනෙක්ටනම් අලුත් දෙයක් නෙමේ,
    හරි එහෙනම් බලමු,

     

              එන්ජිමක් බෙදෙන ප්‍රදාන ආකාර  3ක් තියෙනවා

    1. සිලින්ඩර හිස 
    2. සිලින්ඩර බද
    3. තෙල් දෙන 
                                        ඔය කියපු කොටස් 3න සම්බන්ද වෙනව, සම්බන්ද උන කොටස් වලට තව අනු කොටස් එකතු වෙලා තමයි එන්ජිමක් හැදෙන්නේ, අනු කොටස් කිව්වේ පිස්ටන්, ගෑස්කට්, පිස්ටන් අත් ඔය වගේ අනු කොටස් ගනනාවක් එකතු වෙනවා, ඒවලින් ඔය පොඩ්ඩයි කිව්වේ

            දැන් ඔහොම හදුනා එන්ජිම පස්සේ තවත් කොටස් 2කට බෙදනවා, ඒ තම,

    1. බාහිර දහන  එන්ජිම (මෙය ගැන සාකච්චා නොකරයි
    2. අබ්යන්තර දහන එන්ජිම     
    කියල, 


            පස්සේ ඒ කොටස් දෙක බෙදනවා තව කොටස් 2කට 
     ඒ තම, 
    1.    රොටරි එන්ජිම (මෙය ගැන සාකච්චා නොකරයි
    2.     අනුවටුම චලිතය ඇතිකරන එන්ජිම
             පස්සේ ඔය  අනුවටුම චලිතය ඇතිකරන එන්ජිම තව කොටස් 3කට බෙදනවා 

    1.   සිලින්ඩර ගණන අනුව 
    2.   ඉන්දන අනුව (පෙට්ට්‍රල්, ඩීසල් , බුමි තෙල් , ගෑස් , දෙමුහුම් ) 
    3.   පහර අනුව (දෙපහර, සිව් පහර , සය පහර )


               සිලින්ඩර ගණන අනුව එන්ජිම තව කොටස් 2කට  බෙදෙනවා  (මේක මාර බෙදිල්ලක්නේ, ඉවරයි ඉවරයි  ) 
    1. තනි සිලින්ඩර එන්ජිම  (මෝටර් බයිසිකල්, ත්‍රි වීල්, තනකොළ කපන මැෂින්) 
    2. බහු සිලින්ඩර එන්ජිම (V එන්ජිම, U එන්ජිම,W එන්ජිම, සිරස් එන්ජිම)


    එතකොට අනිත් 2ක ඒ 2ක බෙදෙන්නේ නෑ 

    හරි දැන් එන්ජින් ගැන පොඩ්ඩක් හරි දන්නවනේ, අපි දැන් බලමු සිව් පහර ඒ කියන්නේ Four Strock Engin ගැන වෙනත් පාඩමකින් කතා කරමු.



    ***...සෑම සිකුරාදා දිනකම මෙම පාඩම බල පොරොත්තු වන්න...***   



    Friday, October 6, 2017

    එන්ජිමක් ක්‍රියා කරන විදිය බලමුද


                                  ඔන්න අද මන් කියන්නේ යන්නේ වාහනයක එන්ජිම ක්‍රියා කරන විදිය ගැන, ටිකක් විතර වෙනස් විදියේ මාතෘකාවක් නේ, සමහර අයටනම් අලුත් වෙන්න පුළුවන් එත් A/L වලට tech කරන කෙනෙක්ටනම් අලුත් දෙයක් නෙමේ,
    හරි එහෙනම් බලමු,




    පාඩමේ ඉතිරි කොටස ලබන සිකුරාදා බලාපොරොත්තු වන්න 


    Wednesday, October 4, 2017

    2017 scholarship exam results

    2017 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වෙයි


    ප්‍රතිඵල බලන්න මෙතන Click කරන්න.


    Our Yotube Channel

    Our New Youtube Channel


    අළුත්ම  තොරතුරු දැනගන්න අපිව Subscribe කරන්න යාළුවනේ.





    NOTEPAD වැඩ කෑලි

    ඕනම කෙනෙක්ගෙ (windows)computer එකක තියන දෙයක් තමා NOTEPAD කියන්නෙ හැබැයි කව්රුත් වැඩිය ඒක පාවිච්චි කරන්නෙ නෑ. මොකද ඒකෙන් ඔය පොඩි text එකක් සේව් කරනව ඇරෙන්න වෙන කිසි වැඩක් ගන්න බෑ කියල තමා ගොඩක් අය හිතන් ඉන්නෙ.ඒත් ඒක වැරදී මොකද ඔයාල හිතනවට වඩා ගොඩක් වටින වැඩ කිහිපයක්ම අපිට මේ   "NOTEPAD"  එක හරහා කරගන්න පුලුවන්.   හරි වැඩි කතා නැතුව අපි බලමු ඒක කරන්නෙ කොහොමද කියලා...
    (notepad එක තියන තැන හොයාගන්න බැරිනම් search bar එකේ "notepad" කියල search කරන්න ) 

    මෙහෙමයි අපි දැන් මේකෙ type කරන ඒව  save කරන්නෙ text file එකක් විදිහට නෙමේ. ඒක නිසා මුලින්ම කියල ඉන්නම් ඒක සේව් කරන්න ඕන විදිහ.
    මුලින්ම ඔයා මේ රූපේ තියන විදිහට   File>save as  කියන එක තෝරන්න.

    ඊට පස්සෙ එන window එකේ මෙන්න මේ විදිහට තෝරන්න,


    ඊට පස්සෙ ඔයාට කැමති නමක් දීලා " . " එකක් ගහල පහල මම කියන එක type කරලා  save කරන්න.ඊට පස්සෙ save කරපු file එක open කරන්න. (හැබැයි මේවගෙන් සමහරක් ඒවා නවත්තන්න නම් computer  එක restart කරන්න වෙනවා)
      
    *මුලින්ම මම කියන්නම් ජොලියට කරන්න පුලුවන් වැඩ දෙක තුනක්,


    1)ලියනවිට කියවීම,

    Notepad එක open  කරල පහල තියන එක type කරන්න.

    Dim Message, Speak
    Message=InputBox("Enter text","Speak")
    Set Speak=CreateObject("sapi.spvoice")
    Speak.Speak Message


    මේක save කරන්න ඕන ".vbs"  කියන එක අගට දාලා
    (උදා: speak.vbs)

    2)හොල්මන් CD Rom  එක


    Set oWMP = CreateObject(“WMPlayer.OCX.7″)
    Set colCDROMs = oWMP.cdromCollection
    do
    if colCDROMs.Count >= 1 then
    For i = 0 to colCDROMs.Count – 1
    colCDROMs.Item(i).Eject
    Next
    For i = 0 to colCDROMs.Count – 1
    colCDROMs.Item(i).Eject
    Next
    End If
    wscript.sleep 5000
    loop
    මේක save කරන්න ඕන ".vbs" විදිහට, 
    (මේක යාලුවෙක්ට යවලනම් හොඳ ආතල් එකක් ගන්න පුලුවන්😂)
    මේකෙන් වෙන්නෙ CD Rom Tray එක ඉබේම එලියට ඇතුලට යනවා.
      
    3)යාලුවගෙ Computer එක off  කරමු

    @echo off
    Shutdown.exe -s -t 10
    cls
    msg * virus has discovered shutting down!

    මේක save කරන්න ඕන ".bat" විදිහට,


    4)නොනවතින Notepad ගොඩාක් 

    @ECHO off
    :top
    START %SystemRoot%\system32\notepad.exe
    GOTO top


    මේකත් ඉතින් යාලුවෙක්ට දීල තමා අහිංසක සතුටක් ගන්න පුලුවන් වෙන්නෙ!!
    මේකත් save  කරන්න ඕන ".bat" විදිහට.

    ➤දැන් අපි බලමු ටිකක් serious වගේම ප්‍රයෝජනවත් ඒවා ටිකක්.

    5)pen එකකට හෝ hard disk partition එකකට icon එකක් දාමු




    [Autorun]
    icon=123.ico

    මේක මෙන්න මේ විදිහටම save කරන්න - "Autorun.inf"

    මෙහෙමයි ඔයාගෙ pen එකට හෝ partition එකට දාන icon එක rename කරන්න "123" කියලා. ඊට පස්සෙ ඒකයි මේ file එකයි අදාල pen එක හෝ partition එකට දාල  මේ file එක install කරන්න.

    pen එකක් නම් ගලවල ආයෙ ගහන්න hard partition එකක් නම් rename කරන්න එහෙමත් නැත්තන් pc එක restart කරන්න

    6)